1969 ජූලි 20 වන දින, ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය (NASA) විසින් ක්‍රියාත්මක කළ ඇපලෝ 11 මෙහෙයුම යටතේ, මිනිසා පළමුවරට සඳ මත පා තැබීය. නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් "බස්" ඇල්ඩ්‍රින් සඳ මත ගමන් කළ අතර, මයිකල් කොලින්ස් නෞකාවේ රැඳී සිටියේය. මෙම මෙහෙයුම මිනිස් ඉතිහාසයේ විශාල පියවරක් ලෙස සැලකුණද, කාලයත් සමඟ එය ප්‍රහේලිකාවක් බවට පත් විය.
සඳ තරණය සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රධාන සැක සහ ඒවාට ලබා දී ඇති විද්‍යාත්මක පිළිතුරු පහත පරිදි වේ.
1. ලෙලදෙන කොඩිය
සඳ මත වායුගෝලයක් නොමැති නිසා, කොඩියක් ලෙළදෙනු නොහැකි යැයි පවසන අය සිටිති. නමුත්, නාසා විසින් සඳ මත සිටුවන ලද ඇමරිකානු කොඩිය විශේෂ ආකාරයකට නිර්මාණය කර තිබුණි. කොඩිය දිගහැරී තිබීමට පොළොවට සමාන්තර අමතර කූරකයක් එල්ලලා තිබුණි. කොඩිය සිටවීමෙන් පසු, එය පහළට දිග හැරී වැටෙන අයුරු වීඩියෝවල පැහැදිලිව දකින්න ලැබේ. වායුගෝලයක් නොමැති නිසා, එම චලනයට බාධාවක් නොමැතිව, කොඩිය බොහෝ වෙලා යන තුරු නවතී නැත. රික්තයක් තුළ සිදු කළ පරීක්ෂණවලදීත් මෙය එම ආකාරයෙන්ම සිදු වන බව තහවුරු වී තිබේ
2.Van Allen radiation belt (විකිරණ මරණය)වැන් ඇලන් විකිරණ පටිය (Van Allen radiation belt) පසුකර යන ගගනගාමීන් අධික විකිරණයට නිරාවරණය වී මිය යා යුතු යැයි පවසන අය සිටිති. නමුත්, ඇපලෝ යානා මෙම පටිය පසු කිරීමට ගියේ පැය හතරක පමණ කාලයක් තුළය. එම කාලය තුළ විකිරණවලින් මරණීය බලපෑමක් සිදුවීමට තරම් අවශෝෂණයක් සිදු නොවන බව විද්වතුන් පවසති. ඔවුන් දිනයක පමණ කාලයක් මෙම පටිය තුළ ගත කළහොත්, අනිවාර්යයෙන්ම යම් බලපෑමක් ඇති විය හැකි බවයි විද්වතුන්ගේ මතය.
මෙහි පළමු රූපයෙන් දැක්වෙන්නේ කෞතුකාගාරයක ඇති ඇපලෝ 11 ගමන සඳහා භාවිතා කල ඇඳුමයි.දෙවන රූමයේ ඇත්තේ පා සටහනයි. පා සටහන හා සපත්තු අඩිය කිසිසේත්ම සමාන නොවන බව ඔබ දකින්නට ඇති.මෙයට හේතු වී ඇත්තේ ගගන ගාමීන් සඳට පා තබන විට සපත්තුවට පිටතින් තවත් බූට් එකක් දමන නිසාවෙනි.එය පහත 3හා4 රූපවලින් දැක්වේ.
4.සෙවනැලි විරෝධය
සඳ මතදී ඇතිවන සෙවනැලි එකම දිශාවකට යොමුවී තිබිය යුතු නමුත්, ඇපලෝ ගගනගාමීන් ලබාගත් ඡායාරූපවල සෙවනැලි විවිධ දිශාවලට යොමුවී තිබේ. සමහරු තර්ක කරන්නේ මේ ඡායාරූප චිත්‍රාගාරයක විවිධ කෘත්‍රිම ආලෝක තත්ව යටතේ ලබාගත් ඒවා බවටයි. නාසා පවසන්නේ, එකම දිශාවකට සෙවනැලි වැටීම සිදු වන්නේ සම්පූර්ණ සමතලා බිමක පමණක් බවයි. සඳේ පවතින කඳු ගැට ඇතුළු අනෙකුත් භූ ලක්ෂණ නිසා එම සෙවනැලිවල හැඩය වෙනස් වේ. සඳ මතට වැටෙන හිරු එළිය වගේම පෘථිවියෙන් පරාවර්තනය වන හිරුකිරණ නිසාත් මෙම තත්වය ඇති විය හැකිය.
4. අධික උෂ්ණත්වය:
සඳ මතුපිට උෂ්ණත්වය දහවල් කාලයේ ෆැරන්හයිට් අංශක 280ක් පමණ වන අතර, එවක තාක්ෂණය අද තරම් දියුණු නොතිබූ නිසා, කැමරා සහ කැමරාපට විනාශ විය යුතු යැයි පවසන අය සිටිති. නමුත්, ඇපලෝ ගොඩබැස්වීම් සියල්ල සිදු කරන ලද්දේ හිරු එළිය ඉතා අඩුවෙන් ලැබෙන, උෂ්ණත්වය එතරම් ඉහළ නැති පාන්දර කාලයේදීය. වායුගෝලයක් නොමැති නිසා උෂ්ණත්වය පවතින්නේ විකිරණ විදියට පමණක්ය. ඇපලෝ 11 යානයට පෙර සඳ මතට යවන ලද යානාවලින් සිදු කළ පරීක්ෂණ පදනම් කරගෙන, මෙම කැමරාපට සඳ මත ඇති විකිරණවලට හා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන ලෙස සැකසූ විශේෂිත බහාලුම්වල ගබඩා කර තිබුණි
5. C අකුර තිබීම.
සඳේ ලබාගත් පාෂාණයක ඡායාරූපයක c අකුර තිබීම මෙහි සැක මතුවීමට විය.මේ නිසා සමහරු කියන්නෙ මේ පාෂාණ ලේබල් කරන ලද ඒවා බවත් මේ ඡායාරූප චිත්‍රාගාරයකදී අරගෙන තියන බවයි. නමුත් මේ ඡායාරූපවල මුල් පිටපත් නාසා ආයතනය නිකුත් කර තිබෙනවා. ඒවායේ එම C අකුර දකින්නට නැහැ. මේ නිසා ඡායාරූප සංස්කරණයේදී සිදුවූ කිසියම් දෝෂයක් නිසා මේ සිදුවීම වෙලා තියෙනව කියලයි නාසා ආයතනය නම් කියන්නෙ.
ඒ අනුව සඳතරණය ප්‍රෝඩාවක් බවට පිලිගැනීමට තරම් වලංගු තර්කයක් තවමත් ඉදිරිපත්වී නොමැත.
nice..
ReplyDelete